මාවනැල්ලේ බුදු පිලිමෙට හානි කළ 7 දෙනා යළි රිමාන්ඩ්

30

මාවනැල්ල ප්‍රදේශයේ දී බුදු පිළිම කිහිපයකට අලාභ හානි කළ හත්දෙනා ලබන 16 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ, සැකකරුවන් මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පළාගොස් සිටින ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සදහා පරික්ෂණ ක්‍රියාත්මක බව අධිකරණය හමුවේ කරුණු දක්වමින් මාවනැල්ල සහකාර පොලිස් අධිකාරිවරයා දැනුම් දී තිබෙනවා.

Your Comments