මාර්තු මාසයේ සිට මේ දක්වා කොළඹ නගරයෙන් කොරෝනා ආසාදිතයන් 4,920ක්

11

මාර්තු මාසයේ සිට මේ දක්වා කොළඹ නගරයෙන් කොරෝනා ආසාදිතයන් 4,920 දෙනෙකු හමුව තිබෙනවා.

එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා සදහන් කළේ PCR පරීක්ෂණ 21,512ක ප්‍රතිඵල අනුව එම රෝගීන් වාර්තා වු බවයි.

ආසාදිතයන් 160 දෙනෙකු ඊයේ දිනයේ දී කොළඹ දිස්ත්‍රිකයෙන් වාර්තා වුණා.

ගම්පහ දිස්ත්‍රිකයෙන් 71 දෙනෙකු වාර්තා වු බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ.

ගුවන් හමුදා සාමාජිකයන් 38ක් පොලිස් නිළධාරීන් 36ක් සහ බන්ධනාගාර ආශ්‍රීතව පුද්ගලයන් 74 දෙනෙකු ද ඊයේ ආසාදිතයන් ලෙස හදුනා ගත් බව ද යුධ හමුදාපතිවරයා සදහන් කළා.

පොලිස් මුලස්ථානය පැවසුවේ කෝවිඞ් ආසාදිත 800කට ආසන්න පොලිස් නිලධාරීන්ගෙන් 300කට ආසන්න පිරිසක් සුවය ලබා ඇති බවයි.

Your Comments