මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත වෙයි

41

තාවකාලිකව වසා දැමුණු මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය යලි විවෘත කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ හෝමාගම ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමෙන් අනතුරුවයි එම මධ්‍යස්ථානය වසා දැමීමට කටයුතු කරනු ලැබුවේ.

මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගමන් කිරීමට පැමිණි මගීන් දැඩි අසීරුතාවට පත් වුණා

ශ්‍රී ලංකා ගමනාගමන අධිකාරියේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය ආරම්භ කර ඇති බවයි.

Your Comments