Transport Hub – නීති මාලාව මෙන්න

190

කොට්ටාව මාකුඹර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානය.. ශ්‍රි ලංකාවේ අපට අලුත් අත්දැකීමක්.

Makunbura Multimodal Transport Centre, Transport Hub ලෙස විවිධ නම්වලින් අරුත් ගැන්වෙන මෙම ස්ථානය ගැන සමාජ ජාල ඔස්සේ මහත් ආඩම්බරයෙන් කතා බහ කෙරෙනවා.

මේ ඉන් එකක් –FB උපුටා ගැනීමකි

බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානය තුල බුලත්විට කෑම හෝ බුලත් කෙල තැන තැන දැමීම තහනම් වන අතර එවැනි වරදක් කිරීම දඩුවම් ලැබියහැකි වරදකි.

ඒ තුලට බස් රථ ඇතුලත් කරනු ලබන සියළුම රියදුරු මහතුන්ට සහ කොන්දොස්තර මහතුන්ට නිසියාකාර පුහුණුවක් ලබා දී ඇත.

බස් රථ, එම ස්ථානයේ හෝ අවට හෝන් (නලා) නාදකරමින් කරදරකාරිව හැසිරීම තහනම්ය. එසේ හැසිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

තම අවස්ථාව එනතෙක් බස්රථ නවතා තැබීමට අංගනයක් සකසා ඇති අතර රියදුරුගේ සහ කොන්දොස්තර මහතාගේ ස්මාට් දුරකථනයේ ඇප් එකක් මගින් ඔවුන්ට තමන්ට අවස්ථාව ලැබෙන කාලය ආදිය දැනුම්දෙයි. ඉන්පසු දෙවන නවතා තැබීමෙ ස්ථානයට ගෙන ආයුතුය. (මෙහි සියල්ල ඩිජිටල් කරණය කොටඇත)

මෙහි බස්රථ කාලසටහනකට නොව බස් රථය තුළ පිරිස පිරුණු වහා ධාවනය කල යුතුය. නවතා තබාගෙන කාලය කා දැමීමට ඉඩක් නොලැබෙයි.

මත්පැන් බී හැසිරීම, සිඟමන් යැදීම, අශෝභන සහා පිඩාකාරි ලෙස හැසිරීම මෙම පරිශ්‍රය තුල සම්පූර්ණයෙන් තහනම්ය. එවැනි වරදක් කලහොත් දඩුවම් හිමිවෙයි.

Your Comments