මහියංගනයේ රිය අනතුරකින් 10 දෙනෙකු මරුට – දෙදෙනෙකුට බරපතලයි

107

මහියංගනය – බදුල්ල මාර්ගයේ, මහියංගනය ජාතික පාසල ඉදිරිපිටදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ත්‍රිකුණාමලයේ සිට දියතලාව බලා ධාවනය වූ බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
එහිදී වෑන් රථයේ ගමන්ගත්, 10 දෙනෙකු මිය ගොස් ඇති බව සදහන්. අද අලුයම 1.30ට පමණ මෙම අනතුර සිදුව තිබුණා.
අනතුරින් මිය ගිය පිරිස අතර පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු කාන්තාවන් තිදෙනෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.
බරපතල තුවාල ලැබු තවත් කාන්තාවන් දෙදෙනෙකු මහියංගනය රෝහලේ ප්‍රතිකාර ලබනවා.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ, සිද්ධිය පිළිබද පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා.

මේ අතර, දඹුල්ල, කණ්ඩලම මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ දියණිය සහ පුත්‍රයා මියගොස් තිබෙනවා.
ත්‍රිරෝද රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
අනතුරෙන් මවට සහ පියාට සුළු තුවාල සිදුව ඇති බව සදහන්.
මෙලෙස මිය ගොස් ඇත්තේ දඹුල්ල නිකවටවල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු හතරාහාමාරක් වයසැති පිරිමි දරුවෙකු සහ අවුරුදු 22 හැවිරිදි වියේ පසු වූ තරුණියක්.
සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර, මුලතිව් සිට නෙදුන්කර්ණි හන්දිය දෙසට ධාවනය වෙමින් තිබු කන්ටේනර් රථයක් වටප්පලෙයි, මුලතිව් යුද්ධ හමුදා මුරපළෙහි ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් එහි රාජකාරියේ නිරතව සිටි යුද්ධ හමුදා සෙබළෙකු මියගොස් තවත් එක් හමුදා සෙබලෙකුට තුවාල සිදුව ඇති බවයි නිව්ස් 24 වාර්තාකරු සදහන් කළේ.

Your Comments