මහා ශිව රාත්‍රිය උත්කර්ෂවත් ලෙස සමරන්නැයි අගමැතිගෙන් උපදෙස්

16

මහා ශිවරාත්‍රි උත්සවය උත්කර්ශවත් ලෙස සැමරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

 

හින්දු බැතිමතුන්ගේ විශේෂ මංගල්‍යයක් වන මහා ශිවරාත්‍රී දිනය මෙවර යෙදී ඇත්තේ ලබන 11 වනදාටයි.

මහා ශීවරාත්‍රි දින උපවාස උත්සවය හින්දු කෝවිල්වල හොඳින් සංවිධානය කිරීම සඳහා දිරිමත් කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ හින්දු බැතිමතුන් බහුතරයක් වෙසෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කේන්ද්‍රකර කරමින් විශේෂ හින්දු ආගමික වතාවත් සංවිධානය කෙරෙනු ඇති.

එහිදී හින්දු ආගමික දරුවන්ට කෝවිල්වල දී මහා ශිවරාත්‍රි උපවාසයේ අරුත අවබෝධ කරවීම සහ හින්දු දහම් පාසැල් සිසුන්ගේ භක්තිමත් කලා උත්සව සංවිධානය කිරීමට ද නියමිතව තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඔස්සේ තෝරාගත් කෝවිල් කිහිපයක් වෙත හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් මූල්‍යාධාර ද සැපයීමට නියමිතයි.

Your Comments