මහා පරිමාණ කසල තේ ජාවාරමක තොරතුරු එළි වෙයි

8

මෙරට තේ සදහා ජාත්‍යන්තර තුළ ඇති කීර්ති නාමයට හානි වන අයුරින් කසල තේ අපනයනය කල ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මිරිස් කුඩු සහ හාල්පිටි අපනයන කරන මුවාවෙන් විදෙස් රටවලට මෙලෙස කසල තේ අපනයන කර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

එලෙස කසල තේ කිලෝග්‍රෑම් 70 දහසක් අඩංගු බහාලුම් 4ක් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැණුනා.
අදාළ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මේ වන විට අධිකරණය මඟහරිමින් සිටින බව සදහන්.

කෙසේ වෙතත්, ජාවාරමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු ලබන 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

 

Your Comments