මහවිරු සැමරුම් තහනම් – අධිකරණයෙන් නියෝගයක් – ජනතාව පෙළඹවූ 46 ක් අත්අඩංගුවේ

23

යාපනය මහේස්ත්‍රාත් අධිකරණ බල සීමාව සහ කෝපායි යන ප්‍රදේශවල මහවිරු දින සැමරුම් තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ලබන 29 වන දින දක්වා බලපැවැත්වෙන පරිදි යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද පස්වරුවේ මෙම තහනම් නියෝගය නිකුත් කළ බවයි.

මේ අතර, මහවිරු දිනය සැමරීම සඳහා ජනතාව පෙළඹවීම ඇතුළු චෝදනා මත පුද්ගලයින් 46 දෙනෙකුට එරෙහිව පොලීසිය විසින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබෙනවා.

ඉන් 13 දෙනෙකුම දේශපාලනඥයින් වන බව සඳහන්.

ඊට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ති ස්කන්දරාජා සහ උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ටී. රවිහරන් ද ඇතුළත් වනවා.

කෙසේ වෙතත් සැකකරුවන් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් මහවිරු දිනය සැමරීමට කටයුතු නොකළ බවයි.

කෙසේ වෙතත්, මෙම පෙත්සම් මුලතිව් මහේස්ත්‍රාත් ලෙනින් කුමාර් මහතා හමුවේ සලකා බැලුණු අවස්ථාවේ දී 27 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දෙපාර්ශවයටම නියෝග කර තිබෙනවා.

Your Comments