මහවිරු සමරන්න සුදානම්ව සිටි ශිවාජිලිංගම්ට සර්පයෙක් දෂ්ඨ කරයි
මාධව කුලසූරිය - වවුනියාව

53

සර්පයෙකු දෂ්ඨ කිරීම හේතුවෙන් යාපනය පේදුරුතුඩුව රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතා සාමාන්‍ය වාට්ටුවකට ඊයේ(21) යොමු කළ බව පේදුරුතුඩුව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

ශිවාජිලිංගම් මහතා යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ පිහිටි සිය කාර්යාලයේ සිට නිවස වෙත පිටත්ව යාමට ගිය අවස්ථාවේ පසුගිය 20 වැනිදා රාත්‍රියේ සර්පයෙකු දර්ඨ කිරීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

ශිවාජිලිංගම් මහතා පසුගියදා ප්‍රකාශ කරනු ලැබුවේ යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කොට සැමරුම් පැවැත්වීමට දෙමළ ජනතාවට අයිතියක් පවතින බවයි.

පසුගිය සෑම වසරකම මහවිරු සතිය තුළදි විවිධ සැමරුම් වැඩසටහන් පැවැත්වීමට ශිවාජිලිංගම් මහතා කටයුතු කළ අතර, මෙවරද යුද්ධයෙන් මියගිය පිරිස් සමරා සැමරුම් පැවැත්වීමට ශිවාජිලිංගම් මහතා සුදානමින් සිටි බැව් ශිවාජිලිංගම් මහතාගේ ආධාරකරුවන් පවසනවා.

සර්පයෙකු දෂ්ඨ කළ ශිවාජිලිංගම් මහතාගේ තත්ත්වය සාමාන්‍ය අතට පත්වෙමින් සිටින බවද රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා.

 

Your Comments