UPDATE: මහර බන්ධනාගාර සිද්ධියෙන් මිය ගිය ගණන 11 දක්වා ඉහළට

9

මහර බන්ධනාගාර පරිශ්‍රයේ ඇති වු කලහකාරී සිද්ධියෙන් තුවාල ලැබු තවත් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔවුන් දෙදෙනා මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.

ඒ අනුව සිද්ධියෙන් මිය ගිය ගණන 11 දෙනෙකු දක්වා ඉහළ ගියා.

මේ අතර අදාළ ගැටුම අවස්ථාවේදී රැදවියන් මානසික රෝගීන් වෙනුවෙන් ලබාදෙන ඖෂධ පෙති 21 දහසක් පමණ භාවිත කර මානසික තත්වය වෙනස් කර ගෙන ඇති බවට අණාවරණ වී තිබෙනවා.

බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සදහන් කලේ ඖෂධ ගබඩාවේ ඇතැම් ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් ද රැඳවියන් විසින් විනාශ කර ඇති බවයි.

අදාළ සිද්ධියෙන් බන්ධනාගාරයට සිදුව ඇති හානිය පිළිබඳ තක්සේරු කිරීම සඳහා කමිටුවක් පත්කර ඇති බව බන්ධනාගර දෙපාර්තමේන්තුව සදහන් කලා.


මහර බන්ධනාගාරයේ තවත් රැඳවියන් දෙදෙනෙක් මරුට (Dec 1, 2020 at 18:21)

මහර බන්ධනාගාරයේ ඇති වු කලහකාරී සිදුවීමෙන් මියගිය රැඳවියන් ගණන 11 ක් දක්වා ඉහළගොස්  තියෙනවා.

ඒ, රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මහර බන්ධනාගාරයේ තවත් රැඳවියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වීමෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

Your Comments