මහර ගැටුමේ 120 ට නඩු

3

මහර බන්ධනාගාර සිද්ධියේදී දේපළවලට හානි සිදු කරමින් කලහකාරී ලෙස හැසුරුණු සැකකරුවන් 120 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, ඉන් 116 දෙනෙකු රිමාන්ඩ් සිරකරුවන් බවයි.

අදාළ සිද්ධියෙන් රුපියල් කෝටි 6කට අධික දේපළ හානියක් සිදුව ඇති බවයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වා ඇත්තේ.

මහර බන්ධනාගාර ගැටුමේදී එහි ගොඩනැගිලි කිහිපයකට, ඖෂධ ගබඩාවට, ලේඛනාගාරය ඇතුළු දේපල රැසකට දැඩි අලාභ හානි සිදුවුණා.

මේ අතර බන්ධනාගාර කැරැල්ල මෙහෙය වූ බව කියන ප්‍රධාන පුද්ගලයන් 25 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේත්තුව විසින් හඳුනා ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

Your Comments