මහනුවර පාසල් යළි වැසෙයි

17

මහනුවර නගර සීමාවේ සියලුම පාසල් දෙසැම්බර් 11 දක්වා තවදුරටත් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

පවතින වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පැවසුවේ.

මේ අතර, දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සිදු කල පී.සී.ආර්. පරික්ෂණ වල දී තවත් කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ වන විට එම ආර්ථික මධ්‍යස්ථානයෙන් හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව 4ක්.

දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය ඒකකය සඳහන් කළේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැළක සේවකයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවයි.

ඔහු ලග්ගල ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර තිබෙනවා.

මේ අතර, නාච්චාදූව ප්‍රදේශයේ ගම්මානයකින් කොරෝනා රෝගියෙකු හදුනාගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ක්ෂකවරු පවසනවා.

ඒ අහඹු ලෙස සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකින් අනතුරුවයි.

ඒ අනුව ඔහුගේ පවුලේ අය සහ ආශ්‍රිතයින් නීරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Your Comments