මහනායක හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබද ආදාහන පූජෝත්සවය හෙට

15

පසුගියදා අපවත්වී වදාළ අතිපූජ්‍ය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබද ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව හෙට (22) පස්වරුවේ මහනුවරදී සිදුකිරීමට නියමිතයි.

මේවන විටත් උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීමට ගිහි පැවිදි විශාල ප්‍රමාණයක් මහනුවර ,හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන වෙත පැමිනෙන බව සදහන්.

උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය නිමිත්තෙන් මහනුවර  හෙට (22) විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි.

හෙට දිනයේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන ප්‍රදේශය ආශ්‍රීතව රථ වාහන ධාවන සැලස්ම සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින්.

Your Comments