මලයාසියානු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් LTTE සැකකරුවන් අද අධිකරණයට

8

එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහය දැක්වූ බවට මැලේසියානු ආරක්ෂක අංශ විසින් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
අද සහ අනිද්දා මොවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි මලයාසියානු මාධ්‍ය වාර්තා කළේ.
එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහය දැක්වූ බවට සැකපිට මලයාසියානු පොලිසිය විසින් දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තා නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවයි මලයාසියානු ත්‍රස්ත මර්දන ඒකකයේ ප්‍රධානීයා පසුගියදා පැවසුවේ.
ඒ අනුව අත්අඩංගුවේ සිටින සැකකරුවන්ගෙන් දස දෙනෙකු අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර අනෙක් සැකකරුවන් දෙදෙනා අනිද්දා අධිකරණයට ඉදිරිපත් කරනු ඇති.

Your Comments