මරදානේ පාසල් සිසුවියකට සහ පවුලේ අයට කොරෝනා

187

මරදාන ප්‍රදේශයේ බාලිකා පාසලක 08 වසරේ ඉගෙනුම ලබන සිසුවියකට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

වේයන්ගොඩ එළුවාපිටිය ප්‍රදේශයේ පදිංචි ඇය සහ එම පවුලේ සියලු දෙනා ආසාධිතයින් බවයි පොලීසිය සඳහන් කලේ.

මේ අතර, වර්තමානයේ පවතින වෛරසය ව්‍යාප්ති තත්ත්වය පාලනය කිරීම සදහා අවශ්‍ය උපරිම සහය ලබාදෙන බව සමස්ථ ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

ඒ අනූව මෙම දිනවල ත්‍රීරෝද රථවල ගමන් ගන්නා මගීන්ගේ දත්ත සටහනක් පවත්වා ගැනීමටත්, සෞඛ්‍ය උපදෙස්වලට අනුකුළව කටයුතු කිරීමටත් සියලු‍ම ත්‍රීරෝද රථ රියදුරන්ට උපදෙස් ලබාදුන් බවයි සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා කියා සිටියේ.

ත්‍රීරෝද රථවල ගමන් ගන්නා මගීන්ගේ අත්‍යවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා ජනතාව දැනුවත් කර රියදුරන්ට සහය ලබා දෙන ලෙස ඔහු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළා.

Your Comments