මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

9

කොටහේන බ්ලුමැන්ඩල් ප්‍රදේශයේදී වෛද්‍යවරයෙකු ගෙල සිරකර ඝාතනය කර ඔහුගේ දේපල කොල්ල කෑ සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය මැයි 22 වනදා මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ සේවියර් ජෝසප් මේරියන් සුරේස් කුමාර් බි්‍රටෝ නැමති වෛද්‍යවරයෙක්.
සැකකරුවන් විසින් කොල්ල කෑ ලැප්ටොප් පරිඝණයක්, ජංගම දුරකථනයක්, අත් ඔරලෝසුවක්, විදෙස් මත්පැන් බෝතල් 03 ක් හා චෙක් පොතක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.
එමෙන්ම සුවද විලවුන් බෝතලයක්, පාවහන් යුගලක් හා අදාල වෛද්‍යවරයා භාවිත කළ මුදල් පසුබිම්ය ද සොයාගෙන ඇති අතර ඔවුන් අලුත්කfඬ් අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 24 ක රැදවුම් නියෝග ලබාගෙන ඇති බව සඳහන්.

Your Comments