මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරටත් කොරෝනා

4

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා කොරෝනා ආසාදිිතයෙකු ලෙස හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ වන විට කොරෝනා ආසාදනය වී ඇති පාර්ලිමේන්තු නියෝජිතයින් සංඛ්‍යාව 6 ක්.
කොරෝනා වෛරසය ආසාදනය වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සුවය ලබා ඊයේ නිවස වෙත පැමිණිමෙන් අනතුරුව සතියක පමණ කාලයක් නිවෙස් නිරෝධායනය වෙමින් සිටිනවා.

මේ අතර ස්වං නිරෝධායනයට යොමු වී සිටි රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා කොරෝනා ආසාදිතයෙකු නොවන බවට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී අනාවරණ වුණා.

Your Comments