මන්ත්‍රී මහින්දානන්දට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ජනවාරි 16 දක්වා කල්යයි

7

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය ජනවාරි මස 16 වන දා දක්වා කල් දමා තිබෙනවා.
ඒ අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ අද කැඳවීමෙන් අනතුරුවයි.
එහිදී විනිසුරුවරයා නියෝග කර සිටියේ මෙම නඩුව ජනවාරි මස 16 වනදා සහ 17 වනදා යන දිනවල විභාගයට ගන්නා බවයි.
එදින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද සාක්ෂිකරුවන්ට විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.
ඉකුත් රජය සමයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැයකර කොළඹ කින්සි පාරේ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා එල්ල වනවා.

Your Comments