මන්ත්‍රීවරුන්ට සහ බන්ධනාගාර නිලධාරීන්ට එන්නත්කරණය හෙට සිට

10

කොරෝනා එන්නත ලබා දුන් කණ්ඩායමට දෙවන මාත්‍රාව ලබා දීම සදහා පැවති නිර්දේශ සංශෝධනය වී ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ප්‍රකාශ කලා.

 

ඒ අනුව සති 8ත් 12 ත් අතර කාල සීමාවේදී දෙවන මාත්‍රාව ලබා දීමට සැලසුම් කර ඇති බවයි හෙතෙම කියා සිටියේ.

 

මේ අතර කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව පිළිබද කොළඹ අයි ඩි එච් රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා මෙලෙස කරුණු පැහැදිලි කලා.

 

මේ අතර ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කොළඹ මහ නගර සභාවේ ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ ඒකකයේ සේවකයින් සදහා එන්නත්කරණ කටයුතු අද දිනයේ සිදු කල බව එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා ප්‍රකාශ කලා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා කොරෝනා එන්නත ලබා දීම හෙට සිට ආරම්භ වන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කලා.

කොළඹ හමුදා රෝහලේදී එම කටයුතු ආරම්භ කරන බවයි හෙතෙම කියා සිටියේ.

මේ අතර බන්ධනාගාර නිලධාරීන් සඳහා කොරෝනා එන්නත ලබාදීමේ කටයුතු හෙට සිට ආරම්භ කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලා.

Your Comments