මන්ත්‍රීවරුන්ගේ භාෂණයේ නිදහස ඉල්ලා පෙත්සමක්

5

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භාෂණයේ නිදහස ආරක්ෂා කරදෙන ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතු පෙත්සමක් කථානායකවරයා වෙත භාර දී තිබෙනවා.

 

ඒ මන්ත්‍රීවරුන්ගේ භාෂණ අයිතියට බලපෑමක් එල්ලවී ඇති බව සඳහන් කරමින්.

මෙම අවස්ථාවට සහභාගී වූ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කථානායකවරයාගේ අවධානයට යොමු කළේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පෞද්ගලික කාරණා මුල් කරගනිමින් විපක්ෂයට චෝදනා එල්ල කිරීමේ අවස්ථා ඉහළයමින් පවතින බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියේ පක්ෂ විපක්ෂ සියලු දෙනා පෞද්ගලික කාරණා මුල් කරගනිමින් දෝෂාරෝපණය කරගැනීම පිළිබද තමාගේ අවධානයද යොමු වී ඇති බවයි.

විපක්ෂයේ පෙත්සම භාරදුන් අවස්ථාවට හරීන් ප්‍රනාන්දු,රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක තිස්ස අත්තනායක සහ මනූෂ නානායක්කාර ඇතුලු විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිපදෙනෙක් එක්ව සිටියා.

භාෂණයේ නිදහස උදෙසා සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පොදු එකමුතුව අද පස්වරුවේ කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ දී විරෝධතාවක නිරතවුනා.

එහි දී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේ 19වන ව්‍යස්වථාවෙන් තහවුරු කළ භාෂණයේ අයිතිය 20 වන සංශෝධනයෙන් බල රහිත කර ඇති බවයි.

Your Comments