මධූෂ්ට එරෙහිව චෝදනා 20ක් යටතේ විමර්ශන ඇරඹෙයි

27

ඩුබායි සිට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ්ට එල්ලවී ඇති ප්‍රබල චෝදනා විස්සක් සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
පැය 24 කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින අතර, දැනට ක්‍රියාත්මක හදිසි නීති රෙගුලාසි යටතේ ඔහුගෙන් මෙලෙස ප්‍රශ්ණ කිරීම් සිදුවන බවයි වාර්තාවන්නේ.
මාකඳුරේ මධුෂ්ට එල්ලවී ඇති අපරාධ චෝදනා අතුරෙන් බරපතල ගණයේ සිද්ධීන් විස්සක් වෙන් කර මූලික අදියරයේදී විමර්ශන කටයුතු සිදු කෙරෙන බවයි වාර්තාවන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මනුෂ්‍ය ඝාතන, ඊට අනුබලදීම් මෙන්ම ප්‍රබල ගණයේ කොල්ලකෑම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ සිද්ධීන් ද මීට ඇතුළත් වන බවයි.

Your Comments