මධ්‍ය කඳුකරයේ කාලගුණය තවදුරටත් අයහපත් [Photos]
හැටන් - කොළඹ මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා

12

[රංජිත් රාජපක්ෂ – හැටන්] මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ ඇදහැලෙන අධික වැසි සහ ඝන මිදුම් තත්ත්වය හේතුවෙන් ජන ජිවිතයට මෙන්ම රථ වාහන ගමනා ගමනයට දැඩි බාධා පැමිණ ඇත.

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සිට කිතුල්ගල දක්වා ඝන මිදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වන වාහනය පැහැදිලි ලෙස දිස්නොවිමෙන් රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බවයි සිත නිව්ස්24 වාර්තාකරු කියා සිටියේ.

එම මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් රිය ධාවනය කරවන ලෙස ගිනිගත්හේන පොලිසිය රියදුරන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

තවද එම මාර්ගයට පස් කඳු සහ ගස් කඩා වැටිමේ අවධානමක්ද පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් රථ ධාවනයේ යෙදෙන ලෙසටද පොලිසිය රියදුරන්ට අවධාරණය කර සිටිනවා.

Your Comments