මත්ද්‍රව්‍ය පැකට් 13ක් ගිලදැමූ පුද්ගලයෙකු මරුට

46

මත්ද්‍රව්‍ය පැකට් 13ක් ගිල දැමූ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු මියගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ පිළියන්දල – මාකන්දන ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි අයෙක්.
පසුගිය 8 වනදා කැස්බෑව තොරණවිල මංසන්ධියේදී ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු මෙම පුද්ගලයාට කිසියම් පාර්සලයක් ලබා දෙන අයුරු පොලිස් නිලධාරීන් විසින් නිරීක්ෂණය කර ඇති අතර, එහිදී අදාළ ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබුණා.
අනෙක් පුද්ගලයා එම අවස්ථාවේ පලාගොස් ඇති අතර, ඔහු තමන් සතුව පොලිතින් උරයකින් ඔතා තිබූ මත්කුඩු පාර්සලයක් ගිල දමා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඊයේ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මියගිය පුද්ගලයාගේ උදරය තුළ තිබී මෙම පාර්සලය සොයා ගෙන තිබෙනවා.
එහි මත්කුඩු පැකට් 13 ක් තිබී ඇති බවයි වාර්තා වන්නේ.

Your Comments