මඩු දේවස්ථානය ආසන්නයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනේ
මාධව කුලසූරිය - වවුනියාව

4

මන්නාරම, මඩු දේවස්ථානය ආසන්නයේ  තිබී මෝටාර් උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ(21) සොයාගත් බව මඩු පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් මන්නාරම රාජ්‍ය බුද්ධි නිලධාරීන් වෙත ලද තොරතුරකට අනුව මඩු පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ සෝදිසියකදී පුපුරණ ද්‍රව්‍ය තොගය හමුවු බවයි.

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය අතර ආර්.පි.ජී උණ්ඩ දෙකක්, මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩයක් හා මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩ හතරක් සොයා ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ එලෙස සොයා ගනු ලැබූ පුපුරණ ද්‍රව්‍ය තොගය පසුගිය යුද සමයේදී එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදීන් රැගෙනවිත් ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා සඟවා තැබූ බවට සැක පලකරන බවයි.

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග මත පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් වෙත භාරදීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

මඩු පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Your Comments