මට වඩා මම වියදම් කරන්නේ අනුන්ට

45

මනෝජ් පීරිස් කියන්නේ කලා ලොවේ තරුණ රංගන ශිල්පිණියන් බොහෝදෙනකුගේ ආදරයට පාත්‍ර වන කෙනෙක්. එවැනි කෙනකු තනිකඩ ජීවත් වෙනවා කියන එකත් පුදුමයක්.

සති අන්ත පුවත් පතකින් මේ තනිකඩව ගත කරන ජීවිතය ගැන අහලා තිබ්බා.

ඔබට දුකක් දැනෙන්නේ නැද්ද?

ඇයි නැත්තේ. දුකක් හිතෙනවා. ඒත් තනිකඩව ඉන්න එක සතුටක්. කලා ලෝකයේ ඉන්න ලස්සන අයගේ ආදරයට පාත්‍ර වීම සතුටක් වුණත් ගෙදර ආවට පස්සේ තනි වුණාම දුක හිතෙන වෙලාවල් තියෙනවා. මම ගොඩක් වෙලාවට දවසේ වැඩිපුර කාලයක් ගත කරන්නේ කලා ලෝකෙ ශිල්පීන් ශිල්පිනියන් සමඟ නිසා තනිකම දැනෙනවා අඩුයි. කොරෝනා ලොක්ඩවුන් කාලේ නම් තනිකම ගොඩක් දැනුණා. දැන් නැවතත් කාර්යබහුල නිසා තනිකම දැනෙන්නේ අඩුවෙන්.

පාලුව, තනිකම, කාන්සිය දැනෙන වෙලාවට මොනවද කරන්නේ?

අනිවාර්යයෙන්ම ගීතයක් එක්ක තමයි ඒ කාන්සිය නැති කරගන්නේ. මම ජීවත් කරවන්නේ ගීතය තමයි. හැමදාම නින්දට යන්නෙත් ගීතය එක්ක තමයි.

ඔබට තනිකඩ ජීවිතේ ඉදිරි අනාගතය ගැන බයක් හිතෙන්නේ නැද්ද?

මම ගොඩක් අසනීප වෙලා 2006දී මැරෙන්න ගිහින් ජීවිතේ බේරුණු කෙනෙක්. මම ඒ නිසා බය විඳපු කෙනෙක්. ආයේ අමුතුවෙන් මට බයවෙන්න දෙයක් නැහැ. තනිකඩ මට අවශ්‍ය ආර්ථික ස්ථාවරය මට තියෙනවා. මට වඩා මම වියදම් කරන්නේ අනුන්ට. විශේෂයෙන් අහිංසක සතුන්ට. අපි යනකොට කිසිම දෙයක් ගෙනියන්නේ නැහැනේ. ඉතින් ජීවත් වෙන්න ආදරය තිබුණොත් මට ඒක හොඳටම ප්‍රමාණවත්. මාව ජීවත් කරවන්නේ සංගීතය සහ ආදරය විතරයි.

Your Comments