බෙල්ලේ ටයි පටියක් සිරවීමෙන් දැරිවියක් මරුට
මාධව කුලසූරිය - වවුනියාව

22

සිය පියාගේ ටයි පටියක් ගෙන ජනේලයක ගැට ගසා කිසියම් ක්‍රියාකාරකමක් සිදුකිරීමට ගිය අවස්ථාවේ ටයි පටිය බෙල්ලේ සිරවීමෙන් දැරියක් ඊයේ(30) ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය පේදුරුතුඩුව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ මව හා පියා නිවසින් බැහැර වු අවස්ථාවක දැරිය ටයි පටියක් ජනේලයක ගැට ගසා කිසියම් ක්‍රියාකාරකම් සිදුකිරීමට යාමේදී අදාළ ටයි පටිය බෙල්ලේ සිරවි දැරිය මියගොස් ඇති බවට තොරතුරු අනාවරණය වන බවයි.

යාපනය, පේදුරුතුඩුව, සාරෙයඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 09 ක් වු දැරියක් එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය කියා සිටියේ.

දැරියගේ දෙමාපියන් නිවසට පැමිණි අවස්ථාවේ සිද්ධිය දැක දැරිය පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට ඇති අතර, අදාළ අවස්ථාවේදී දැරිය මියගොස් සිට ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

ගෙල සිරවීමෙන් මරණය සිදුව ඇති බව පේදුරුතුඩුව රෝහල් අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා මළ සිරුර පරීක්ෂා කිරීමෙන් පසුව පවසා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

Your Comments