නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 ක කාලය තුල සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසනවා.
එය ඉදිරි පැය 48 තුල දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට
ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරනවා.
මේ හේතුවෙන් දිවයිනේ නැගනහිර, උතුරුමැද පළාත් වලට පැ.කි.මි. (60 -70) පමණ දක්වා තද ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බවත් දිවයිනේ අනෙක් ප්‍රදේශ සදහා පැ.කි.මි. (40-50) පමණ ප්‍රහාරාත්මක සුළං අති විය හැකි බවත් පවසයි.
උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ගිගුරුම් සහිත වැසි සහ මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් බස්නාහිර, වයඹ, සබරගමුව පළාත්වලට තද වැසි සහ තද සුළං ඇති විය හැකි බව සදහන් කරනවා.
අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය ඉල්ලා සිටිනවා.
Your Comments