“බුරවි“ සුළි කුණාටුවෙන් බරපතළ හානි නෑ – තවදුරටත් අවධානයෙන් සිටින්නැයි අනතුරු ඇඟවේ

14

“බුරවි“ සුළි කුණාටුවෙන් බරපතළ හානි සිදුවු බවට ත­වමත් වාර්තා වී නොමැති බවත් ගස් කඩාවැටීම් ආදි හානි බොහෝ තැන්වලින් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරනවා.

සුළි කුණාටු තත්ත්වය  බටහිරට බරව වයඹ දෙසට ගමන්කර මන්නාරම් බොක්ක වෙත අද උදය වරුවේ ගමනු කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම හේතුවෙන් පූනරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ, උදම් රළ මට්ටමට වඩා මීටරයක් පමණ ඉහළ යා හැකියි.

ඒ හේතුවෙන් වෙරළාසන්න පහත්බිම් මුහුදු ජලයෙන් යට විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හගවනවා.

සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී 70 – 80 පමණ වන අතර එය විටින් විට පැ.කි.මී 90ක් දක්වා වැඩි විය හැකි බවටයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

Your Comments