බිස්කට් මුවාවෙන් ඇලහැර මහා පරිමාන තේක්ක ජාවාරමක්

19

මහා පරිමාන දැව ජාවාරමක නිරත තිදෙනෙක් දැව ප‍්‍රවාහනයට යොදාගත් ලොරි රථයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇලහැර වනජීවි අඩවි අරක්ෂක කාර්යාලය හා බකමූණ බීට්ටු කාර්යාලයේ නිළධාරින් බකමුණ පොලිසියේ ද සහාය ඇතිව වැටලීම සිදු කළා.

ඇලහැර වනජීවි කාර්යාලය පැවසුවේ තේක්ක දැව තොගයේ වටිනාකම මෙතෙක් ගනන් බලා නොමැති බවයි පැවසෙන්නේ.

සැකකරුවන් ඇලහැර , ගිරිතලේ රක්ෂිත අභයභූමි වලින් තෙක්ක දැව කපා ඇති බව වනජීවි දෙපාර්ථමේන්තුව සිදුකළ මුලික විමර්ශන වල දි හෙළිව තිබෙනවා.

පොලොන්නරුව කලාපය භාර වනජීවි සහකාර අධ්‍යක්ෂ බ්.එම්.කේ.එස්.චන්ද්‍රරත්න මහතා පැවසුවේ සැකකරුවන් කලක් තිස්සේ බිස්කට් ප‍්‍රවාහනය කරන මුවාවෙන් ජාවාරම පවත්වා ගෙන ගොස් ඇති බවයි.

සැකකරුවන් හා තේක්ක දැව සහිත ලොරි රථය බකමූණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Your Comments