බැසිල්ගෙන් මහාධිකරණයට ඉල්ලිමක්

11

දිවිනැගුම නඩුවට අදාළව තමන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇතැයි හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා කොළඹ මහාධිකරණය වෙත දැනුම්දී තිබෙනවා.

එම චෝදනාවට සම්බන්ධ නඩුවෙන් විත්ති වාචකය නොකැඳවා තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙසයි ඔහු සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

මෙම නඩුවට පාදක වන දිවිනැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර වශයෙන් මුදල් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලද්දේ දිවිනැගුම ජාතික සභාවේ අනුමැතිය යටතේ බව ද නීතිඥවරුන් ලිඛිත දේශන මගින් අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 2, 992 ක මුදලක් වැය කර දිවි නැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවටයි බැසිල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ලවන්නේ.

 

Your Comments