බස්නාහිර පාසල් සිසුන් ගෙන්වන ක්‍රමය හෙට

11

බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ සිසුන් සඳහා හෙට දිනයේ පාසල් ආරම්භවීමත් සමග කටයුතු කරන ආකාරය පිළිබඳව දැනුවත් කිරිම සඳහා පොලිස් නිලධාරීන් වෙනුවෙන් වැඩමුළුවක් සංවිධාන කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳ ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුලු පාර්ශව එක්ව හෙට දිනයේ තීරණය කරනු ඇති බවයි.

 

මේ අතර, පාසල් ළමුන් ප්‍රවාහන බස් රථවල රියදුරන් සහ රිය සහායකයින් අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කිරීමේ මෙහෙයුමක් හෙට සිට ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

ඊට සියලු‍දෙනාගේ සහය අපේක්ෂා කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

 

Your Comments