බස්නාහිර පළාතෙන් පිටව යන්නන් වෙනුවෙන් අහඹු ඇන්ටිජන් පරීක්ෂණ

20

බස්නාහිර පළාතෙන් පිටව යන්නන් වෙනුවෙන් ක්‍රියාත්මක කළ අහඹු ඇන්ටිජන් පරීක්ෂණ අද සිට යළි ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.

 

ස්ථාන 11කදී මෙම අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන බවයි ඔහු කියා සිටියේ.

මේ වන විට මුව ආවරණ රහිත පුද්ගලයන් 2300ක ට පමණ එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

බස්නාහිර පළාතේ මුව ආවරණ රහිත පුද්ගලයින් 43දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගත් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.

Your Comments