බන්ධනාගාර රැඳවියෙකු පලා යයි

5

කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙකු අද අලු‍යම පලාගොස් තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා කියා සිටියේ ඔහු ගාල්ල බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී සිය දිවි හානිකර ගැනීමට තැත් කිරීමේදී ඉන් මුදාගෙන ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ අයෙකු බවයි.

වැලිගම – පොල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන රැඳවියා සොරකම් කිරීමේ චෝදනාවකට වසර 5 යි මාස 3 ක සිරදඩුවම් නියමව සිටි අයෙකු බව සඳහන්.

Your Comments