හෙරොයින් සහ ගංජා සම්බන්ධ නඩු කඩිනම් කිරීමට පියවර

21

බන්ධනාගාර ගතව සිටින පිරිසෙන් සියයට 73 ක්ම රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

මේ හේතුවෙන් බන්ධනාගාර තුල අධික තදබදයක් පවතින බවයි ඇය පෙන්වා දෙන්නේ.

රිමාන්ඩ් සිරකරුවන් පිළිබද සාකච්ඡා කිරීමට විෂයභාර රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය හෙට (23) අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා හමු වීමට අපේක්ෂා කරන බව සදහන්.

හෙරොයින් ග්‍රෑම් දෙකට අඩු සහ ගංජා කිලෝග්‍රෑම් 5 ට අඩු චෝදනා එල්ලවී සිටින රිමාන්ඩ් රැදවියන් 6,334 නීති කටයුතු කඩිනම් කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරිය පවසනවා.

Your Comments