බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 16 ක්
පාලිත ආරියවංශ - බදුල්ල

14

බදුල්ල දිස්ත්‍රික්කයෙන් අද (29) වනවිට  කොරෝනා වෛරසය  ආසාදිතයන්  16 දෙනෙක් හමුවී ඇති බව කොවිඩ්-19 ව්‍යාප්ති පාලන බදුල්ල දිස්ත්‍රික් කමිටුව පවසනවා.

ඒ අනුව හාලිඇල රොස්ට්වත්තෙන් එක් අයෙක්ද, පස්සර නගරයෙන් එක් අයෙක්ද,  ලුනුගල සෝලන්ඩ්ස් වත්තෙන්  එක් අයෙක්ද, දියතලාවෙන් හතර දෙනෙක්ද, හපුතලෙන් දෙදෙනෙක්ද, ඌව-පරණගමින් එක් අයෙක්ද, බණ්ඩාරවෙලින් තිදෙනෙක් ද වැලිමඩින් එක් අයෙක්ද, මහියංගණය මකුල්ගොල්ලෙන් එක් අයෙක්ද ගිරාඳුරුකෝට්ට උල්හිටියෙන් එක් අයෙක්ද වශයෙනි.

මෙම සියලු ආසාදිතයන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල් පොකුර හා සම්බන්ධ වූවන් බවට හෙළිව ඇති බවයි බදුල්ල දිස්ත්‍රික් කොවිඩ්-19 පාලන කමිටුව පවසන්නේ.

Your Comments