බටහිර පර්යන්තය අදානි සමාගම සමග එක්ව සංවර්ධනයට කැබිනට් අනුමැතිය

11

කොළඹ වරායේ බටහිර බහලු පර්යන්තය ඉන්දියාවේ අදානි සමුහය සමග එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරිමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණා.

එය වසර 35 ක කාලයක් සදහා සංවර්ධනය කර ක්‍රියාත්මක කර ආපසු භාරදිමේ පදනම යටතේ මෙම යෝජනාවට අනුමැතිය ලබා දුන් බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කලේ.

කොළඹ වරායේ බටහිර බහලු පර්යන්තයේ සවර්ධන කටයුතු සදහා ආයෝජකයෙකු ඉදිරිපත් කරන්නැයි ශ්‍රී ලංකාව මෙරට ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයට හා ජපන් තානාපති කාර්යාලයට ඉල්ලිමක් කළා.

ඉන්දිය තානාපති කාර්යාලයේ එකගතාව මත අදානි සමාගම නම් කර ඇති අතර ජපන් රජය කිසිදු ආයෝජකයෙක් නම් කර නැහැ.

 

Your Comments