බටහිර පර්යන්තයේ ඉන්දිය ආයෝජකයන් සමග ලක් රජයේ ඍජු සබඳතාව ගැන ප්‍රකාශයක්

8

කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ලක් රජය, ඉන්දීය ආයෝජකයන් සමඟ ඍජුව කටයුතු කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

 

එහි ප්‍රකාශක අනුරන්ග් ශ්‍රිවස්තාවා මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ නවදිල්ලි නුවර පැවති මාධ්‍ය හමුවක දී.

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඔස්සේ තවදුරත් එම කටයුතු සම්බන්ධීකරණය කෙරෙන බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

Your Comments