බගවන්තලාවේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුට කොරෝනා

16

බගවන්තලාව ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටින කාන්තාවන් දෙදෙනෙකුට කොවිඞ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එක් කාන්තාවකගේ සැමියා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආශ්‍රිතයෙකු වන අතර ඔහුට මීට පෙර වෛරසය ආසාදනය වී ඇති බව සඳහන්.

එම ආසාදිතයාගේ බිරිඳ සහ පවුලේ සාමාජිකයින් ස්වයං නිරෝධානයට යොමුකර තිබිය දී සිදුකළ පි.සි.ආර් පරීක්ෂණ වාර්තා අනුවයි ආසාදිතයාගේ බිරිඳට සහ බිරිඳගේ නැගණියට මෙලෙස කොවිඞ් 19 වෛසරය වැළඳී ඇති බවට අනාවරණ වී ඇත්තේ.

Your Comments