බගවන්තලාවේදී විදුහල්පතිවරයෙකුට පහර දෙයි.

6

හැටන්, බගවන්තලාව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුට කිසියම් පිරිසක් විසින් පහරදී තිබෙනවා.

 

තුවාල ලැබු විදුහල්පතිවරයා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මුලික රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.

විනය කඩ කිරිමක් හේතුවෙන් පාසලේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙකුට දඬුවම් කිරීමට එරෙහිව සිසුන් පිරිසක් හා ඔවුන්ගේ දෙමාපියන් විසින් තමාට පහරදුන් බවට විදුහල්පතිවරයා විසින් බගවන්තලාව පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

 

Your Comments