පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 150 කට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට

14

මහර බන්ධනාගාරයේ ඇති වු නොසන්සුන්කාරි තත්ත්වය පාලනය කිරීම සඳහා කැඳවා තිබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 150 කට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

ඒ අතර, විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පතිවරයා සිටින බව සදහන්.

එමෙන්ම, බන්ධනාගාරයේ සියලු රැඳවියන් කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීම පිළිබඳව ද අවධානය යොමුව තිබෙනවා.

පසුගිය ඉරිදා රාත්‍රියේ සිදුවූ මෙම නොසන්සුන්කාරි සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු ඇතුළු 108 දෙනෙකු තුවාල ලැබූ අතර, රැඳවියන් 11 දෙනෙකු මිය ගියා.

අදාළ සිද්ධියේදී මියගිය රැඳවියන්ගේ දේහ නිරෝධායන නීතිවලට අනුව ආදාහනය කිරීම සම්බන්ධයෙන් සිරකරුවන් සුරැකීමේ සංවිධානයක් විසින් වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.

ඊට අදාල නඩුව අද කැඳවූ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු කරුණු දැක්වීම සඳහා පැමිණ නොසිටීම හේතුවෙන් එය දෙසැම්බර් 11 වනදා දක්වා කල් දමනු ලැබුවා.

Your Comments