‘පොල් ගෙඩියේ වට’ ගැසටය අහෝසි කරන්නැයි පාරිභෝගික අධිකාරියෙන් යෝජනාවක්

10

පොල් ගෙඩියක වට ප්‍රමාණය අනුව මිල නියම කිරීමේ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජීවන වියදම් කමිටුවට යෝජනා කර තිබෙනවා.

මේ වනවිට පොල් මිල පාලනයකින් තොරව ඉහළ ගොස් ඇති අතර, ඉල්ලු‍මට සරිලන පොල් සැපයුමක්ද නොමැති බැවින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

වෙළඳපොලේ පොල් මිල ඉහළ ගොස් ඇති පසුබිමක ගෙඩියේ බර අනුව පොල් අලෙවි කිරීමට ඇතැම් වෙළඳුන් කටයුතු කිරීම හේතුවෙන් පාරිභෝගිකයන් අසීරුතාවට පත්ව තිබෙනවා.

ඇතැම් වෙළඳුන් කිලෝ ක්‍රමයට පොල් ගෙඩියක් අලෙවි කිරීමට පියවර ගෙන ඇති අතර, පොල් කිලෝවක් රුපියල් 120ත් 140ත් අතර මිලකට අලෙවි කරන බවටයි වාර්තා වන්නේ.

Your Comments