පොම්පියෝගේ සංචාරය ගැන විපක්ෂයට ගැටළුවක්

14

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ මෙරට සංචාරය පිළිබඳව ලක් රජය කරුණු පැහැදිලි කළ යුතු බව සමගි ජනබලවේගය පවසනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මයික් පොම්පියෝගේ මෙරට සංචාරය පිළිබඳ චීනය විරෝධය පළ කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි.

මේ අතර, අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මෙරට සංචාරයේ අරමුණ වී ඇත්තේ ඉන්දියන් සාගරයේ යුධ ආදිපත්‍ය තහවුරු කර ගැනීම බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියේ පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Your Comments