පේදුරුතුඩුවේ පුද්ගල ඝාතනයක්
මාධව කුලසූරිය - වවුනියාව

6

යාපනය, පේදුරුතුඩුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී තුවාල කොට ඝාතනයට කළ බවට සැකපිට පුද්ගලයකු යාපනය පේදුරුතුඩුව පොලිසිය විසින් ඊයේ(15) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසූවේ ගනේෂලිංගම් නඩේෂලිංගම් නමැති 49 හැවිරිදි පුද්ගලයෙකු එලෙස කැපුම් තුවාල ලබා සිටියදී පේදුරුතුඩුව, මන්තිකෙයි රෝහලට ඊයේ(15) දහවල් ඇතුළත් කිරීමෙන් අනතුරුව මරණයට පත්ව ඇති බවයි.

අදාළ ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 38 ක් වු මානසික රෝගී පුද්ගලයෙකු සිදුකළ පිහි ඇනීමකින් මරණය සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

පිහි ඇනීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගත් අතර, සැකකරු පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය කියා සිටියා.

සිදුවීම සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

 

Your Comments