පුද්ගලික බැංකු ගිණුමකට රුපියල් කෝටි 13කට අධික මුදලක් බැරකරගෙන ඇති පුද්ගලයෙකු අත්අඩංගුවට

4

තම පුද්ගලික බැංකු ගිනුමකට රුපියල් කෝටි 13කට අධික මුදලක් බැරකරගෙන ඇති පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රත්මලාන ධර්මාරාම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

27 හැවිරිදි සැකකරු විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මෙරටට එවන ලද රුපියල් කෝටි 49 කට අධික මුදලින් මිලියන 136ක් තම ගිණුමට බැර කරගෙන ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පණත යටතේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

Your Comments