පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු 64 ක්

10

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු 64 ක් පිරිනමා තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පත්වීම් පිරිනැමීමේ උත්සවය පැවැත්වුණේ දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී පිරිවෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂක තනතුරු 17 ක් ද පිරිනැමුණා.

පිරිවෙන් අධීක්ෂණය, නියාමනය, සංවර්ධනය මෙන්ම රාජ්‍ය අමාත්‍යාංශය අතර සබඳතා වර්ධනය කිරීම එම පත්වීම් ලබා දීමේ අරමුණයි.

එම අවස්ථාවට පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය වටිනාපාන සෝමානනන්ද ස්වාමින්වහන්සේ මෙන්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එච්. එස්. හරිස්චන්ද්‍ර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වුණා.

Your Comments