පිදුරංගල අඩනිරුවත් ඡායාරූප සිද්ධියේ සැකකරුවන් මුදාහරී

47

ඓතිහාසික පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි තරුණයින් තිදෙනා අද නිදහස් කෙරුණා.
ඒ අදාල නඩුව දඹුල්ල මහේස්ත්‍රාත් කෝසල බණ්ඩාර ඉලංගසිංහ මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයි.
සිද්ධියේ පළමු විත්තිකරු වූ පාසල් සිසුවාට දැඩි ලෙස අවවාද කිරීමෙන් අනතුරුව නිදහස් කෙරුණු අතර සෙසු විත්තිකරුවන් දෙදෙනාට රුපියල් 1,500 බැගින් වූ රජයේ ගාස්තුවක් ගෙවන ලෙස නියෝකර අවවාද කිරීමෙන් අනතුරුව නිදහස් කිරීමටයි අධිකරණය නියෝග කළේ.
පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් මොවුන් දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 26 වනදායි.

 

Your Comments