පෑලියගොඩ පොලිස් වසමේ, ප්‍රදේශයෙක් හුදකලා කරයි

13

අද පස්වරු 6 සිට බලපැවැත්වෙන පරිදි පෑලියගොඩ පොලිස් වසමේ, ප්‍රදේශයෙක් හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කලා.

 

ඒ අනුව පෑලියගොඩ පොලිස් වසමේ, ගඟබඩ ග්‍රාමනිලධාරී වසමේ, 90 වත්ත හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කරන බවයි හෙතෙම කියා සිටියේ.

මේ අතර මෙරට කොරෝනා ආසාධිතයන් අතුරින් තවත් 530 දෙනෙකු අද සුවය ලබා පිටව ගියා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 42 දහස් 621 දක්වා ඉහළ යනු ඇති.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 6,088 ක්.
ගතවූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් ආසාධිතයන් 569 දෙනෙකු වාර්තා වුණා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 48 දහස් 949 ක්.
මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 793 ක් වන අතර මරණ 240 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර තවත් බන්ධනාගාර රැදවියන් දසදෙනෙකුට කොරෝනා වෛරසය වැළදී තිබෙනවා.
ඔවුන් සියලුදෙනා පිරිමි රැදවියන් වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

ඒ අනූව බන්ධනාගාර ආශ්‍රිතව හදුනාගත් කොරෝනා ආසාධිත රැදවියන්ගේ සමස්ථ එකතුව 4140 දක්වා ඉහළ යනු ඇති.

Your Comments