පැය 3ක මෙහෙයුමකින් 3, 520 ක් අත්අඩංගුවේ

8

දිවයිනම ආවරණය වන පරිදි සිදුකල විශේෂ පොලිස් මෙහෙයුමකින් පුද්ගලයින් 3, 520 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වරෙන්තුකරුවන් 1, 185 දෙනෙකු ද ඒ අතර වන බවයි පොලීසිය පැවසුවේ.

පොලිස් නිළධාරින් විසි දහසකගේ පමණ දායකත්වයෙන් පොලිස් බල ප්‍රදේශ 490 ක් ආවරණය වන පරිදි ඊයේ රාත්‍රී 11 සිට අද අලු‍යම 02 දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණා.

නීතිවිරෝධී මත්පැන් සමග 385 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බීමත්ව සිටි 830 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රියදුරු බලපත් නොමැති නඩු 109 ක්ද අදාළ කාලයේදී ලබාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

අන්තරාදායක රිය පැදවූ 64 දෙනෙකු හා වෙනත් රථවාහන නඩු 3, 534 ක් ද එම කාලය තුළ ලබාගත් බවයි පොලිසිය කියා සිටියේ.

Your Comments