UPDATE : පැය 3ක ප්‍රකාශයකින් පසුව රාජිත සී.අයි.ඩි යෙන් පිටව යයි

16

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැය තුනකට අධික කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියා.
ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ අද දහවල් 12 ට පමණයි.
දින 18ක් නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලෙන් ප්‍රතිකාර ලැබූ මන්ත්‍රීවරයා අද අලූයම ඉන් පිටව ගියා.


රාජිත CIDයට පැමිණෙයි [Jan 14, 2020 at 18:04]

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
අද දහවල් මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවයි වාර්තා වුණේ.
නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ දින 18ක් ප්‍රතිකාර ලැබූ මන්ත්‍රීවරයා අද අලූයම පිටත්ව ගියා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පසුගිය වසරේ දෙසැම්බර් 26 වන දා රෝහල් ගත වූයේ ඔහුට එරෙහිව වරෙන්තුවක් නිකුත් කර තිබියදියි.
ඔහුට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ ප්‍රතිශෝධිත අයදුම්පත සලකා බලා නිකුත් කළ නියෝගයට අනුව මන්ත්‍රීවරයා ලබන 17 වන දා කොළඹ මහාධිකරණය ඉදිරියේ පෙනී සිටි යුතු වනවා.

Your Comments