පාස්කු කොමිසමේ කටයුතු තාවකාලිකව අත්හිටුවයි

9

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශණය කෙරෙන ජනාධිපති කොමිසමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

කොව්ඩ් වසංගත තත්වය හමුවේ මෙම පියවර ගෙන ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.

ඒ අනුව කොමිසමේ කටයුතු ලබන නැවත ආරම්භ කෙරන දිනය පිළිබඳ ලබන සෙනසුරාදා තීරණය කරන බවයි ලේකම් පී බී හේරත් මහතා කියා සිටියේ.

කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට දිනයේදී කොමිසම හමුවට පැමිනීමට ද නියමිතව තිබුණා.

Your Comments